Followers

Sunday, January 24, 2016

Bluff Of The Nature, Think What Is Me...

                                             
              Bluff Of The Nature, Think What Is Me...


Put down the wealth of poetry before Afterlife
And I am not supposed to untie ropes
Has not even duty ivaraeṭama
Back folly to blame meters empty
Collected money  elapsed 
Husband and children gave Balcony
Helen evil endeavor to expire
Pack play was obsessed 
I do not ever come far veneers
God lokas among animal world
Karan nods home the long etched
Luckily none seemed Manusath received veneers
Taught by the body mamayaæyai think destiny
My take, not what's cobbled
Parents thousand wives and children Fielder
I still do not have any empty
Mother's womb, the baby until the end of Mahalla
Lifelong final dying breath
Only now either very much comforted mind
A lot of bones comprise Added










තියලා පෙර භවේ හිමිඋන ධනය බිම
ලිහලා තිබුන බැමි අකමැති හිතින් මම
කරලා නැති උනත් යුතුකම් ඉවරෙටම
පෙරලා හිස් අතින් ගත්තෙත් මනු බවම
රැස් කල ධනය ඡීවිතයම ගෙවෙන තුරූ
අඹු දරුවන්ට තනලා දුන්නෙමි මැදුරූ
අවසන් හුස්ම හෙලනා මොහොතෙත් නපුරූ
තන්හා පොදිය රග දුන්නා මියෙන තුරූ
මෙතුවක් ආපු දුර මම දන්නෑ සසරේ
දෙවියන් බඹුන් තිරිසන් ලෝකය අතරේ
නිවහන කරන් මහ කල් උන්නේම නිරේ
මනුසත් බවක් ලැබුනේ පිනකට සසරේ
භවයෙන් භවයෙ ලද කය මමයැයි හිතලා
මගෙ කරගන්න, නැති වෙන දේ එකතුකලා
දහසක් මව්පියන් අඹු දරුවන් රැකලා
තවමත් හිස් අතිනි නෑ මට කිසිවක් ලැබිලා
මව් කුස, ළදරුවා අවසන තෙක් මහල්ලා
මියයන තුරා අවසන් හුස්මත් අල්ලා
හිත සැනසුවා පමණයි දැන් ඒකත් මැකිලා
ඇටකටු ගොඩක් මහ පොළවට එකතු කලා