.......මරණයට අතවනමින් ආදරය කළ අසරණයෙක් ......

නෙත් කෙවෙනි කකියවන්..
හැඬුව මුත් කොයි තරං …
බැහැනෙ කඳුළැල් වලින්..
නවතන්න මා ඉතිං …
මරණ සහතිකේ මං ..
මගෙ දෑතෙ ගුලිකරං ..
පෙම්කළේ මං කලින්..
යන්න වෙනබව දැනං…
යන්න මාවත් අරං …
ඉන්නෙ මාරය බලන් ..
ඉතිං කොහොමද තවත් ..
ඉන්නෙ මං බොරුකියං …
දෙන්න දුක් මේ තරං ..
හිතුවෙ නෑ රත්තරං ..
මියෙන්නත් නෑනෙ දැන් ..
සැනසීමෙ මට ඉතිං …
නුඹව වැදු මවුපියන් …
සොහොයුරන් නෑ සියන් ..
හෙණ පතාවී සිතින්..
නිදන සොහොනටත් මං …
ඒත් කම් නැහැ ඉතිං …
උනේ වරදක් මගෙන් ..
නුඹේ දිවියම නුඹෙන් ..
උදුරගත් නිසාවෙන් ..
එක්වරක් ආවොතින් ..
මියෙන්නට පෙර ඉතිං ..
සැතපිලා නුඹ ළඟින් ..
ඇස් පියා ගෙන හොඳින් ..
සදහටම යන්නං…
සමු අරන් නුඹෙ ලොවෙන් ...







0 comments:
Post a Comment