...තාරකාවක්...
සිහින් සළු ගෙන
ඈත අහසේ
නිසල භවනක...
සදුට ළං වී
සිනහ මුවගින්...
ඔහුට කවි පද
ලියන අන්දම...
නිහඩ බව පිරි
සොදුරු අරණක...
කිමිද ඉපදී
අහස අභිමුව...
බලා සිටියෙමි
නෙතු විදා මම..
සදුට පිදු නුඹෙ
නොදුටු ආලය...
විඩාබර මගෙ
සැලෙන නෙතු යට...
කවි සිතුම් හද
මැවෙන අන්දම..
බලා සිටිනෙමි
මවිතයෙන් නුඹ..
එනතුරා යළි කවද හෝ දින...





























