Followers

Tuesday, June 21, 2016

ජිවිතේ මෙච්චරම දුක ඇයි??


මම මේ කියන්නේ ඇත්තම කතාවක්. අද උදේ තමයි මේක උනේ. උදේ පාන්දරම මම ගියා සැලුන් එකට කොන්ඩෙ කපන්න කියල හිතාගෙන. සැලුන් එකට ඇවිත් හිටියා පොඩිම පොඩි හුරතල් ළමයි තුන් දෙනෙක්. හරිම අහිංසක පාටයි. ඉරුණ ඇදුම් ඇදගෙන හිටියේ.
ඉතින් මම පොඩ්ඩක් ඒ ළමයි එක්ක කතා කරා.
මම ඇහුවා ඔයාලා මේ හරියේද කියලා.එතන හිටිය එක ළමයෙක් මට කිවුවා අපි පිරිවෙනේ ඉගෙන ගන්නවා කියලා. හරිම අහිංසක විදිහට තමයි එක කිවුවේ. මම ඇහුවා ඔයාලගේ ගම කොහෙද කියලා. අ ළමයා මට කිවුවා අපි මොණරාගල අයියේ කියල. හරිම දුකයි. මම ඊට පස්සේ ඇහුව මෙහෙ අවේ ඇයි කියලා. අනේ එතකොට ඒ ළමය කිවුවා සාධු තමයි අපිව එක්කන් අවේ කියලා. 
ඉතින් මම අපහු ඒ ළමයාගෙන් ඇහුව ඔයාලගේ අම්මා තාත්තා මොකද කරන්නේ කියලා. ඒ ළමය අහක බලාගෙන දුකෙන් වගේ මට කිවුවා අම්ම රට, තාත්තා හිරේ කියලා. ඉතින් මම ඇහුව ඔයාලට අක්කලා අයියලා නැද්ද කියලා. එතකොට ඒ ළමය අනිත් පොඩි ම ලමයව පෙන්නලා මට කිවුව " අර ඉන්නේ අක්කගේ බබා" කියල. ඉතින් මට වෙන අහන්න දෙයක් නැතිකමට ඇහුවා" ඉතින් ඔයාලට අක්කත් එක්ක ඉන්න තිබ්බනේ කෝ දැන් අක්කා කියලා." ඒ ළමය මට කිවුවා අක්කාත් රට ගියා කියලා. මම ඉතින් ඇහුව කෝ එතකොට ඒ බබාගේ තාත්තා කියලා. එතකොටම මට ඒ ළමය කිවුවා ඒ අපේ තාත්තා කියලා. මට නිකන් මාව පොලවේ ගැහුවා වගේ උනා. 
මට මේක ඔයාලට තේරුම් කරන්න තේරෙන්නේ නෑ . එත් දන්නවද ඒ මාත් එක්ක කතා කරපු ලොකු ළමයාගේ තාත්තා එයාගෙම දුවව බිරිද විදිහට තියාගෙන ඉදල තමයි අර පොඩි ලමයව ලැබිලා තියෙන්නේ. මහම මහා සහ ගහන අපරාද නේද ඕවා?? අර අනිත් පොඩි ළමයා මාත් එක්ක කතා කරපු ලමයගේම මල්ලිලු. 
මාත් එක්ක කතා කරපු ලොකුම ළමයා පහ වසරෙලු. එයාගෙම මල්ලි දෙක වසරෙලු, අර චුටිම ළමයා තාම ඉස්කෝලේ යන්නේ නෑලු.
දන්නවද මාත් එක්ක කතා කරපු ළමයා ගාව උරේක දාලා පෙට්ටියක් වගේ එකක් තිබබා, මම ඇහුව ඔය මොකක්ද කියලා. එතකොට ඒ ළමයා කිවුවා අපේ කාර් එක කියලා. මට මාරම අප්සට්. අන්තිමට මම ඇහුව කොහෙන්ද ඕව ගන්න සල්ලි කියලා . ඉතින් ඒ ළමයා කිවුව පොඩි සාධු දුන්න අද දුන්නා කියලා, ඉතින් තුන් දෙනාම කොන්ඩෙත් කපාගෙන අත් අල්ලාගෙන පිරිවෙන පාර දිගේ ගියා ............. . හරිම දුකයි මට අද මේ වෙච්ච දේ. කියාගන්න බෑ ඒ දුක. 

මම බොරුවක් කියනවා කියලා හිතෙනවනම් ඔයාලටත් ඇවිත් බලන්න පුළුවන් දොම්පේ චන්කමනාරාම විහාරෙට. එහෙ තමයි එයාලා ඉන්නේ . ඒ තුන් දෙනාම මහණ කරවයි මට හිතෙන විදිහට..................................................

සිංහයා ලියන්නට ඉගෙන ගන්නා තුරු සෑම කතාවකම ජයග්‍රහණය දඩයක්කාරයා සතු වනු ඇත. . .


Author- Imantha Lakshan from IPSFutureWorld forum 


Saturday, February 27, 2016

...තාරකාවක්‬...

                                                         ...තාරකාවක්‬...



සිහින් සළු ගෙන                                        
නෙලා දුන් වත...
ඈත අහසේ
නිසල භවනක...                              
සදුට ළං වී
සිනහ මුවගින්...
ඔහුට කවි පද
ලියන අන්දම...

නිහඩ බව පිරි
සොදුරු අරණක...
කිමිද ඉපදී
අහස අභිමුව...
බලා සිටියෙමි
නෙතු විදා මම..
සදුට පිදු නුඹෙ
නොදුටු ආලය...

විඩාබර මගෙ
සැලෙන නෙතු යට...
කවි සිතුම් හද
මැවෙන අන්දම..
බලා සිටිනෙමි
මවිතයෙන් නුඹ..
එනතුරා යළි කවද හෝ දින...

Tuesday, February 9, 2016

allhitlk com

හදට වඩින මවක වරුන

                                ###හදට වඩින මවක වරුන###



හෑඩුවත් කඩුලු මුතු කෑට එක ලතාවට
පිපුනත් සිනහ සියපත් මුව පුරාවට
ඩුකට සෑපට අප ජීවිටහ් තුරාවට
ඉන්නේ එකම සුවදයි සිත නිවන්නට

දරුවන් ඈයට ඈගෙ පනටත් වඩ වටී
දරුවන් නමට ලෙය කිරකට හෑරුන හෑටී        
සිතුවත් සිහින මෙව්වත් සෑප විදින හෑටී
අම්මා නොමෑති තෑන මේ කිසිවක් නොවටී

ගලනා ගගක් පුබුදයි නිර්මල මනස
බාදක ඈතත් ග0 දිය නොම වෙයි අලස
බාදක මතින් ගලමින් වඩමින් යසස
ඔබ මට කීවෙ ජීවත් වීමේ රහස

ගල්පර මතින් ගලනා ගග මනහරය
බාදක සහිත ගීවන ගග බියකරුය
ආපසු හෑරී බලනා කල පිවිතුරුය
ඔබගෙන් උගත්ඩේ ජීවන මුලකුරුය

කෙතරම් කවි පතුම් ලීවත් එක පෙලට
අහසත් සමුදුරත් පරයන ඔබෙ ගුනට
වඩිනා හගුම ඔබ ගෑන සන්තානයට
ලොව බස දියුනු නෑ තාමත් පවසන්ට


***වෑරදුනු අතීතේ***

                                            ***වෑරදුනු අතීතේ***


වෑරදුනු අතීතේ
කාලය ගෙව්වේ සුපුරුදු ලෙස මා
දෑනුනේ නෑ වෙනසක්
උසස් පෙල කඩ ඉමට එතරම් නොගත්තේ වෙහෙසක්

සාපෙලින් ගොඩ ආව මට
අරුමයක්දෝ ඕකත්
මෙයත් බෑරි නෑත ගොඩ යන්න මට
ගත්තෙ පොඩි වෙහෙසක්

වෑඩ කලා මදි කෑපවීම මගෙ
තියෙනවා අඩුවක්
කාලේ ගෙවිලා විභාගෙට දින
ලන්වෙද්දි සිතුනත්

දෙයක් නෑත ඉතිරිව කරන්නට
ප්‍රමාදය දෑන්නම්
කල යුතුව අත උපරිමෙන් වෑඩ
විභාගය එනකම්

එවර වෑරදුන හින්ද අද ඈත
දෙවෙනි වර කරමින්
සිතට දිරි ගෙන නෑවත පෙරලමි
අලුත් වු පිටුවක්

නෙත කදුලු ඈත බොහෝ සේ සිත
රිදුම්දේ තවමත්
නිතර සිහිවේ කෙලෙසදෝ මට වෑරදුනේ මෙතරම්

තියන පියවර ගත්තෙ නෑ මම                                            
කිසිදාක නෑවතත්
කෙලෙස හෝ මේ පර ජය ගමි
ගෙන බොහෝ වෙහෙසක්

න0ගි මල්ලියෙ හොදට අහපන්                  
ජීවිතය ඔබෙ නම්
ඒක ජය ගෙන සතුටු වන්නට
ලෑබිල ඈත වරමක්

ඉතින් කුමටද පසුතෑවිල සිත
දෑන්ම වෑඩ කරපන්
සතුටු විය හෑක ඉතිරි නොකරම
අතීතෙට වරදක්...

Monday, February 8, 2016

ආසයිද මල්ලී?

                                               ***ආසයිද මල්ලී***



ආසයිද මල්ලී?
ලැජ්ජා වෙන්න එපා
ආසාවට හිතට ඇතිවෙනකන් ටැංකිය
අතගාලා බලපං.
ස්ටිකර් ගහලා පස්සේ
පේන්ට් කරලද කියලා නියපොත්තෙන්
චුට්ටක් හුරලා බලහන්.
හැඩ්ල් එක අත් දෙකෙන්ම අල්ලලා
චුට්ටක් හරවලා බලපන්.
සයිලන්සර් එක තාම රත්වෙලාද කියලා
කෙල චුට්ටක් ගහලා බලහන්.
යතුර තියනම් හොර්න් එකක් ගහපන්.
කන්නාඩියෙන් කොන්ඩෙ හදලා හැඩ
බලහන්.
දාඩිය වැටුනද වන්ඩියට?
නිල් කොට කලිසමෙන් සීරුවට පිහදලා දාපං.
ඕක පැදං එන්නේ උඹ වගේම හීන
දැකපු එකෙක්..
ඌට උබව දැක්කම
උගේ පුංචි කාලේ මතක්වෙනවා.
අයියේ මාව රවුමක් එක්ක
යන්න බෑද කියලා ලැජ්ජා නැතුව අහපන්
මට විශ්වාසයි කවදාවත් බෑ
කියන්නෑ..
යතුර දාලා ඔන් කරද්දී මීටරේ
දිහා බලපං,ෆෑන් ඔන් වෙන සද්දේ
හොදට අහගනින්.
ස්ටාර්ට් කරාට පස්සේ
උඹත් අත දාලා චූට්ටක් රේස් කරලා
බලහං.
මාත් ලොකුවෙලා එකක්
ගන්නවා අයියේ කියලා කියහන්..
අපි
ආසයී හීන පස්සේ එලවන
කොල්ලොන්ට..
හීන මවපං.උබට සමහර මිනිස්සු
හිනාවෙයි.ගනන් ගන්න එපා නෑහුනා
වගේ හීනේ විදපන්..
අරමුණ හදාගනින්
මොනාමහරී හොදට ඉගෙනගනින්
පොත පතෙන්ම නෙමේ උඹට පුලුවන්
මොනාම හරි දෙයක්.
හම්බකරහන්
අම්මට තාත්තට බරක් නොවී උබේ
දාඩිය මහන්සියෙන්.
හම්බකරලා එකක්
අරන් පලයන් අර අයියා හම්බෙන්න.මාත්
එකක් ගත්තා අයියේ කියලා යතුර පෙන්නපන්.
ශුවර් උඹටත් වඩා ඌ සතුටු
වෙනවා උඹ ගැන.
ඔය ලොකු ලොකු
වාහනවල සුක්කානම් කරකවන උන්
වගේ නෙමෙයි,බයික් පදින යකඩ හීන
දකින කොල්ලෝ එහෙමයි,කුහක
නෑ.බොක්ක හොදයි..
ඒකයි උන්ට
හරියන්නේ..
දෙයක් හිතන්න පුළුවන් කතාවක්..
සමහර විට මේ ඔයාගේ ,මගේ කතාව
වෙන්න පුළුවන්....

author - Hemantha Ruwan Kumara

***###_මට නම් බෑ එහෙම වෙන්න_###***

             ***###_මට නම් බෑ එහෙම වෙන්න_###***

give me my freedom to fly around the world


දිගු වරලස කොට කරලා 
ඒ වරලස හෑඩ කරලා
මම දකිනව ඒ සේරම
හරිම හෑඩයි හරිම අගෙයි
අනේ එපා මට කියන්න 
මටනම් බෑ එහෙම වෙන්න
ඒ වාගේ වෙනස් වෙන්න...

දිග ගව්මත් කොට කරලා 
කලිසම් ඈග හෑඩ කරලා
මම දකිනව ඒ සේරම
හරිම හෑඩයි හරිම අගෙයි
අනේ එපා මට කියන්න 
මටනම් බෑ වෙනස් වෙන්න            
real beautiful give nature to you don't miss it

ඒ වාගේ වෙනස් වෙන්න...

තොල් නිය නෙක පාට වෙලා
මිහිබට සුරලියක් වගේ
මම දකිනව ඒ සේරම
මරිම හෑඩයි හරිම අගෙයි
අනේ එපා මට කියන්න 
මටනම් බෑ වෙනස් වෙන්න
ඒ වාගේ වෙනස් වෙන්න...

හරිම හෑඩයි හරිම අගෙයි
මම දකිනව ඒ ලස්සන
මටනම් බෑ එහෙම වෙන්න
පාට නොගෑ මගේ ලොවේ 

මට සතුටින් ඉන්න දෙන්න...

the freedom