Followers

Thursday, February 4, 2016

-අතරමං වූ ජීවිත-

                                     -අතරමං වූ ජීවිත-




මහමෙරක් තරමටම

ආදරෙයි කීව උඹ

යැව්වේ මැදපෙරදිගට 

ආදරේ මදි වීද     
                                                     
ගන්න බැරි නම් ඇගේ බර

කුමට බැන්ඳේ නුඹ ඈව..


හෙන ගහයි යකෝ තොට

ඈ විඳින මර දුකට

විශ්වාස කරලයි ඈ

අවේ උඹ ලඟට...

දෙනවද එක වේලක්

උඹ හරියට කන්න

ඉල්ලුවේ නෑ මහත්තයෝ

උඹෙන් සළු පිලි සේද

ආදරෙන් ඉමුකො අපි

මැරෙන තුරු එකට...

මහ ගොඩක් පොදි 

බැදන් අහිංසක හීන වල

කුඩු පට්ටම් කලේ උඹ

හිතක් පපුවක් නැතිද...

වාසි බස් වලට උඹෙ ඇය

හොඳට රැවටිලා
ආවේ උඹ සමග සීතලේ ගුලිවෙලා

වැඩක් නොකරන්නේ අතපය

නොසොල්ලා

ඇගෙන් හම්බ කරන් කන හැටිද
ඉගැන්නුවේ නුබේ අම්මා..................................

0 comments:

Post a Comment