ඉතින් පුත නුඹ සැනසෙන්න .......
සුමුදු මොලකැටි සිනිඳු අත් පා
කැහැටු කරදඩු වනු දකින්නට
නොහැකි වුණි මට
පුතුනි නුඹ හට නොසතුටකි අද
නුඹ රකින්නට වෙසගනක වුණු
මවගෙ සෙනෙහස
කැහැටු කරදඩු වනු දකින්නට
නොහැකි වුණි මට
පුතුනි නුඹ හට නොසතුටකි අද
නුඹ රකින්නට වෙසගනක වුණු
මවගෙ සෙනෙහස
විසි වයස් වුණු නුඹට
නුඹේ මව නොමැතිවද
දිවි ගෙවනු හැකිය අද
එහෙත් මට බැරිය පුත
නුඹ නැතිව සැනසෙන්න
කරදර නුඹට නොකරන්න
නුඹව අසරණ නොකරන්න
අවැසිමය මා නුඹෙන්
මිදී ඈතට යන්න
නුඹේ මව නොමැතිවද
දිවි ගෙවනු හැකිය අද
එහෙත් මට බැරිය පුත
නුඹ නැතිව සැනසෙන්න
කරදර නුඹට නොකරන්න
නුඹව අසරණ නොකරන්න
අවැසිමය මා නුඹෙන්
මිදී ඈතට යන්න
ඉතින් පුත නුඹ සැනසෙන්න
නුඹට සිදුවේවි හෙට දින
නුඹ මවයි නොකියන
නුඹ වැදූ මව
මහපොලොවෙ සතපන්න
උපදිනා මතු සසරෙ
මෑණියන් ලෙසින් හිද
නුඹෙ සෙනෙහෙ විදගන්න
නුඹට සිදුවේවි හෙට දින
නුඹ මවයි නොකියන
නුඹ වැදූ මව
මහපොලොවෙ සතපන්න
උපදිනා මතු සසරෙ
මෑණියන් ලෙසින් හිද
නුඹෙ සෙනෙහෙ විදගන්න
පුතුනෙ පතනවා මම
නුඹ එහෙම නොපැතුවට
දෑහට දකින්නටවත්
මගේ මූසල දෙනයන
පියාගන්නම් පුතුනි ,
ඉතින් නුඹ සැනසෙන්න ...
නුඹ එහෙම නොපැතුවට
දෑහට දකින්නටවත්
මගේ මූසල දෙනයන
පියාගන්නම් පුතුනි ,
ඉතින් නුඹ සැනසෙන්න ...








0 comments:
Post a Comment